FAST NEWS

24×7 Around the Globe

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇතුළු 06 කගේ සේවය අත්හිටුවයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන් හය දෙනකුගේ සේවය අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්‌ඩලය කටයුතු කර ඇත.
මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවී තිබෙන්නේ පසුගිය ජනවාරි 17 වැනිදා ලංකා විදුලිබල මණ්‌ඩලයේ සභාපති ඩබ්. බී. ගනේගල මහතාගේ නිල කාමරයට ඇතුළු වී සභාපතිවරයාව බලෙන් කාමරයේ රඳවාගෙන විරෝධතා පළ කිරීමය.
ප්‍රධාන ලේකම්වරයාට අමතරව මෙලෙස වැඩ තහනමට ලක්‌වී ඇති අනිකුත් වෘත්තීය සමිති නායකයන් වන්නේ විදුලි බල මණ්‌ඩලයේ ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් අජිත් දේවප්‍රිය, නිදහස්‌ සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ. පී. ප්‍රභාත්, උප සභාපති එස්‌. ප්‍රේමලාල්, කමිටු සාමාජිකයන් වන එස්‌. විජයලත්, ප්‍රියන්ත ගුණසේකර යන අයයි.
මෙම වැඩ තහනමට විරෝධය පළකරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක්‌ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
එහි පළමු උද්ඝෝෂණය මෙම මස 21 වැනිදා මහනුවර නගරයෙන් ආරම්භ කරන බව විදුලිබල මණ්‌ඩලයේ ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් අජිත් දේවප්‍රිය මහතා සදහන් කරයි.