FAST NEWS

24×7 Around the Globe

දේශපාලන අර්බුදය පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු විවාදය පස්වරු 04 ට..

පවතින දේශපාලන අර්බුදය හමුවේ රට අරාජික වී ඇති බවත් ,ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට විවාදයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරු 20 කගේ අත්සන් සහිතව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමට, පක්ෂ නායකයින් එකඟ වු බව කතානයකවරයා මීන් මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.
එ අනුව අදාළ විවාදය අද (19) පස්වරු 04 සිට 07 දක්වා පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ මෙම යෝජනාව සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
එ අනුව පාර්ලිමේන්තුව විනාඩි 15 කට කල් තැබීමට පියවරගත් කතානායක කරු ජයසූරිය මහතා මෙ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවිමට කටයුතු කළේය.
DE සිල්වා