FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහි විරෝධතා 21 සිට යළි ඇරඹෙයි..

සයිටම් ආයතනය අහෝසි කරන බවට ආණ්ඩුව පොරොන්දුව ලබා දී දින 50කට අධික කාලයක් ගත වි ඇති බවත් , එසේම මෙතෙක් දුන් පොරොන්දු දිගින් දිගටම කඩවීම නිසා වෛද්‍ය ශිෂ්‍යයන් මේ මස 21 වන දින සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිතරවීමට සැලසුම් කර ඇති බව වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි.
එහෙයින් මෙම තත්වය සැළකිල්ලට ගෙන ලබාදුන් පොරොන්දු වහාම ඉටුකරන ලෙසට එම සංගමය පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වනවිට සයිටම් ආයතනය අහෝසි කරන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සිදුකළ මාරාන්තික උපවාසය මුල්කර ගනිමින් ආණ්ඩුව පොරොන්දු වූ බවද එම සංගමය පෙන්වා දෙයි.
එ අනුව සයිටම් ආයතනය අහෝසි කරන බවට පොරොන්දු ලබාදුන් දිනය පසු වී දින 50 කට අධික කාලයක් මේ වනවිට ගත වී තිබුණත් මෙතෙක් එම පොරොන්දුව ඉටුකර නොමැති බවද වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කියයි.
DE සිල්වා