අද අලුයම 3.00 පමණ තංලංගම විමලතිස්ස මාවතේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් (51) හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.
සිද්ධියෙන් ඔහුගේ (48) හැවාරිදි බිරිඳ ද බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
සැමියා මියගොස් ඇත්තේ බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනකු නිවසට පැමිණ මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවට තොරතුරු ලැබි ඇත.
එම ස්ථානයේ තිබී හිස් පතුරොම් තුනක් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර තලංගම පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.








