රටේ උදා වී තිබෙන තත්ත්වය අනුව මෙම රජය රට පාලනය කරන ආකාරය කෙසේ දැයි කියා දැඩි අවධානයෙන් යුතුව බලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
එක්‌සත් ජාතික පක්‌ෂය අද කෑලි කැඩෙන්නට පටන් ගෙන ඇතැයිද මෙම තත්ත්වය මැද ආණ්‌ඩුව තනතුරු භාරගන්නා ලෙස ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් නමුත් එම මන්ත්‍රීවරුන් තනතුරු ප්‍රතික්‌ෂේප කළ බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය. මේ රට හදන්නේ නැතිව අතරමගදී මේ රට භාර ගැනීම එතරම් සුදුසු නැහැ. මේ ගොල්ලෝ තවදුරටත් මේ විදිහට කරගෙන යන හැටි අපි බලාගෙන ඉන්නවා. අපේ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් පවසා තිබෙනවා තනතුරු කිසිවක් ලබා නොගැනීමට. අපි බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි මේ ගොල්ලෝ එජාපයේ සහයෝගය ඇතිව තවදුරටත් මේ ගමන යාමටත් හැදුවොත් ඒකාබද්ධ විපක්‌ෂයේ සහායත් ලැබෙන්නේ නැහැ








