FAST NEWS

24×7 Around the Globe

අගමැති ධුරය සිරිපාලට – දිනේෂ් සුසිල් ප්‍රමුඛ කමීටුවක් පත් කෙරේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට අපෙක්ෂා කෙරෙන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලබාදීමට දෙපාර්ශවයේ එකඟතාවය හිමිව ඇති බව වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (16) පෙරවරුවේ පැවැති හමුවෙන් අනතුරුව මෙම එකඟත්වයට පැමීණි ඇති බව පැවසේ.
එසේම ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක්ද ස්ථාපිත කර ඇති බව වාර්තා වෙයි.
DE සිල්වා