FAST NEWS

24×7 Around the Globe

ඇමති ෆවුසිට එරෙහි නඩුව 23 දක්වා කල් තැබෙයි..

රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව විභාග කිරීම මේ මස 23 වනදා දක්වා යළි කල් තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.
රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන රුපියල් ලක්ෂ 10කට අධික අලාභයක් රජයට සිදු කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවරා තිබේ.
නඩුවට අදාළව පළමු සහ දෙවන සාක්ෂිකරු අද (16) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටියහ.
DE සිල්වා