FAST NEWS

24×7 Around the Globe

සුගතදාස ක්‍රීඩාංගණ ආසන්නයේ මාර්ගයක ධාවන කටයුතු දින 03 ක් සීමා කෙරේ..

ජල නල එළිමක් හේතුවෙන් ,කොළඹ කේ. සිරිල් සී පෙරේරා මාවත, 06 වන පටු මග මාර්ගයේ සිට සුගතදාස ක්‍රීඩාංගණයේ මැටිපාක් හන්දිය දක්වා මාර්ග කොටසේ අද (16) සිට දින 03ක් වාහන ගමනා ගමනය සීමා කිරිමට තීරණය කර ඇති බව පොලීසිය පවසයි.
එ අනුව අද රාත්‍රී 09.00 සිට ලබන 19 වනදා උදෑසන 05.00 දක්වා මෙම මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා කරන බවත් ලඑම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
DE සිල්වා