FAST NEWS

24×7 Around the Globe

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය..

අපරාධ නඩුවකදී ළමයකු ලෙස ගණන් ගන්නා වයස් සීමාව අවුරුදු 08 සිට 12 දක්වා ඉහළ නැංවීමේ විධිවිධාන ඇතුළත් කර 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මීට අමතරව එවැනි නඩුවකදී වයස අවුරුදු 12ට වැඩි එහෙත් අවුරුදු 14ට අඩු ළමයෙකු සම්බන්ධයෙන් අවස්ථාවකදී චෝදනා ගොනු කරනු ලැබ ඇති වරද කිරීමේ බැරැරුම්කම තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ළමයාට තිබුනේද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට තීරණය කළ හැකි ආකාරයේ විධිවිධානද ඊට ඇතුළත් කිරීමට නියමිතය.
එවැනි අවස්ථාවකදී විද්‍යාත්මක පදනමක් මත අදාළ මතයට එළැඹීමට විශේෂඥ සහය ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකි වන පිණිස ළමයා රජයේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කළ හැකි බවද එම සංශෝධනය මගින් සිදු කිරීමට නියමීතය වෙයි.
DE සිල්වා