FAST NEWS

24×7 Around the Globe

ටැම්පිටියේ හිමීයන් හා ළහිරු වීරසේකර රිමන්ඩ් කෙරෙති..

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර හා භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ මස 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(15) නියෝග කළේය.
අධිකරණ නියෝග නොකතා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක නිරත වීමේ චෝදනාව මත ඔවුන්ට අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ කොල්ලුපිටිය පොලිසිය කළ කරුණු දැක්වීම මත ඔවුන් රිමාන්ඩ් ගත කෙරිණි.
DE සිල්වා