FAST NEWS

24×7 Around the Globe

තැන්පිටියේ සුගතානන්ද හිමියන්ට ඇප..

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් සිදුකළ උද්ඝෝෂණයේ දී අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්පිටියේ සුගතානන්ද හිමියන්ට අද (15) කොටුව මහේස්ත්‍රාත් ඇප නියම කළේය.
එ අනුව රුපියල් පනස් දහසක ශරීර ඇප මත ඒ හිමියන් මුදා හැරීමට අධිකරණයෙන් නියම කෙරුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරද අද අධිකරණය හමුවේ අද පෙනී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
DE සිල්වා