FAST NEWS

24×7 Around the Globe

ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින් වර්ජනයක් අරඹයි..

කොළඹ ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින් අද(15) උදෑසන 08 සිට සංකේත වර්ජනයක් ආරම්භ කර ජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
නව අපස්මාර ඒකකයේ ස්නායු ශල්‍යාගාරයට අයත් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදෙන විදේශ පුහුණුවට විකිරණ තාක්ෂණවේදින් නොවන පිරිස් තෝරා ගැනීමට විරෝධය පළකිරිම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදු කෙරෙන බවත් හෙතෙම පවසයි.
කෙසේ වෙතත් දහවල් 12 ට පෙර බලධාරින් සිය ඉල්ලීම්වලට විසදුම් ලබා නොදුනහොත් සංකේත වර්ජනය අඛණ්ඩව සිදු කරන බවද එ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
DE සිල්වා