FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම සිය ධුරයෙන් ඉල්ලා අස්වි ඇති බවත් කියැවෙයි.

ඔහුට සිය ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නැයි අප්‍රිකානු පාලක පක්ෂය බල කර සිටියේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ය.

1999 වසරේ සිට 2005 වසර දක්වා කාලය තුළ දකුණු අප්‍රිකාවේ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෙකොබ් සූමා 2009 වසරේදී එරට ජනාධිපති ධූරයට පත් විය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඔහුට දූෂණ චෝදනා රැසක් එල්ල විණි.