FAST NEWS

24×7 Around the Globe

නිශ්ශංක සේනාපතිට විදේශගතවිමට අවසර…

ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති  හා රක්‌නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වරදකරුවන්ට පනවා තිබු විදේශ ගමන් තහනම කොළඹ මහාධිකරණය විසින් අද (14) තාවකාලිකව ඉවත් කරන ලදී.

එ අනුව ලබන මාර්තු මස 19 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම විදේශ ගමන් තහනම ඉවත් කරන ලදී.

පාලිත ප්‍රනාන්දු මහතාට මලල ක්‍රීඩා සංගමයේ කටයුතු වලට සහභාගී වීමටද, නිශ්ශංක සේනාධිපති මහතාට ප්‍රතිකාර ලබා ගැනීමටද විදේශගත වීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය