FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා පිළිබඳ ජනාධිපති කොමීසමේ සමාජිකයන්ට පත්විම් ලිපි..

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, සී/ස ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (14) පත්වීම් ලිපි පිරිනමනු ලැබීය.

මෙම පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී අද (14) සිදුකෙරිණි.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්‍රාමලත්  මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත්  නියෝජ්‍ය  විගණකාධිපති එම්.ඞී.ඒ හැරල්ඞ් යනමහත්වරු සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්ඩබ්ලිව්.ජේ.කේ ගීගනගේ මෙනෙවිය මෙහි සෙසු සාමාජිකයෝ වෙති.

අදාළ ආයතනයන්හි 2006 වසරේ ජනවාරි 06 වැනි දින සිට 2018 ජනවාරි 31 දක්වා සිදුවූවා යැයි සැලකෙන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශන හා පරීක්ෂණ කර වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම කොමිසම පත්කර තිබේ.