FAST NEWS

24×7 Around the Globe

දුම්රිය තිරිංග දෝෂ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්..

දුම්රිය තිරිංග පද්ධතිවල (චීන) පවතින දෝෂ ඇතුළු ගැටළු කිහිපයක් පිළිබඳ අද (14) දිනයේ දුම්රියා ප්‍රධාන ඉංජිනේරු බලවධරයා සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව ,දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේය.
එ අනුව එම සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ද එක්වී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්,සියල්ල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ස්ථිර විසදුමකට පැමිණිමට නියමිත බවද සදහන් වෙයි.
මෙම දුම්රිය තිරිංග පද්ධති ගැටළුව නිසා දුම්රිය රියැදුරන් විසින් ඇතැම් දුම්රිය ධාවනය කිරීමේන් වැළකී සිටිම හේතුවෙන් දුම්රිය මගීහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති.
D සිල්වා