FAST NEWS

24×7 Around the Globe

විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු හෙට සිට අඛණ්ඩ වර්ජනයකට යති…

රජයේ රෝහල්වල සේවය කරන විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට (15) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා මාධ්‍ය වෙත පැවසීය.
නිලධාරී හිඟයට විසඳුම් ලබාගැනීම , අමතර සේවා ගෙවීම් සම්බන්යෙන් ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම , විකිරණ ප්‍රතිකාර නිලධාරීන්ගේ රාජකාරී භෞතිකඥවරුන් විසින් අත්පත් කරගැනීම නතර කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බවද එ මහතා සඳහන් කළේය.
ඒ අනුව හෙට දිනයේදි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වාට්ටු රෝගීන් වෙත ගොස් සිඳු කරන පරීක්ෂණවලින් වැළකී සිටින බවද ඈපා මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේට.
DE සිල්වා