FAST NEWS

24×7 Around the Globe

ජනපතිට සහාය දීමට ඒකාබද්ධය සැරසෙයි..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ සහය ලබාදීමට ඊයේ (13) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබේ.
පළාත්පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම රැස්වීම ,හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදි පැවැත්වුණී.
මීට අමතරව ඉදිරි දේශපාලන තත්ත්වය සළකා සුදුසු තීරණයක් ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක කමිටුවක් පත් කිරීමටද එහිදී තීරණය වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
DE සිල්වා