පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකුට පහරදී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන චන්‍ද්‍රසිරි මුණසිංහ යන අය මේ මස 15දා තෙක් රිමාන්ඩි භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.බී. දසනායක අද(13) නියෝග කළේ ය.
සැකකරුගේ පහරකෑමට ලක්වූ පුද්ගලයා ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබන බව කුට්ටිගල පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු මෙවර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිඟුර කොට්ඨාසයට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කර පරාජය වූ අපේක්ෂකයෙකි.








