මැතිවරණයෙන් පසු උද්ගතව ඇති දේශපාලන තත්ත්වය යටතේ ගතයුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (13 ) පැවැත්වීමට නියමිතය.
මෙම රැස්වීම ආරම්භ කිරීමට පෙර ඒකාබද්ධ විපක්ෂ මන්ත්රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සාකච්ඡා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වේන බවද එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
පළාත් පාලන මැතිවරණය ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජයග්රහණය කිරීමත් සමඟ පවතින දේශපාලන තත්ත්වයන් ඉදිරියට ගතයුතු ක්රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වීමට නියමිත බව එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.








