FAST NEWS

24×7 Around the Globe

පැය 36 ක කාලය තුළ සිද්ධීන් 40 ක් වාර්තා වු බව පැෆරල් කියයි..

පළාත් පාලන මැතිවරණයෙන් පසු ගතවූ පැය 36 ක කාලය තුළ සිද්ධීන් 40 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් එම සිද්ධීන් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙක් රෝහල් ගත කර ඇති බවත් පැෆරල් සංවිධානය කියයි.
පහර දීම් 11 ක් ඇතුළු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට වැටෙන සිද්ධීන් 33 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් එයින් 25 ක් තොරතුරු සොයා සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගත් බවත් එම සංවිධානය කියයි.
නීති විරෝධී රැස්වීම් හා පෙළපාලි මෙන්ම මහජනතාවට පීඩාවන අයුරින් කටයුතු කිරීම් සිද්ධීන් 7 ක් ද මෙම පැමිණිලි අතර වන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධය වෙත වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා