FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට මාර්තු මුල..

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස පළමු සතියේ සිදු කිරීමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
මේ පිළිබඳ වූ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම පවසයි.
එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් සභිකයන් පත් කිරීමෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මෙම කටයුතු සිදුවන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
DE සිල්වා