FAST NEWS

24×7 Around the Globe

එජාප ආණ්ඩුවක් බිහිකිරිමට ජනපති අගමැතිට එකඟ වෙයි..!!!

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඊයේ (11දා) රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලින් සමන්විත එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් වහාම නිර්මාණය කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (11) පස්වරුවේදී දැනුම්දී තිබු බවත් පැවසේ.
එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය එක්ව තවදුරටත් ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි වීම මීට හේතුව බවද කියැවේ.
ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ අතර පැවැති ගිවිසුම පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ බැවින් ඕනෑම අවස්ථාවක වෙන්ව තනි ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව පක්‍ෂ දෙකටම පවතින බවත් පැවසේ.
DE සිල්වා