FAST NEWS

24×7 Around the Globe

ජයග්‍රහණය කළ හම්බන්තොට මහ නගර සභාවේ බලය එජාපයට අහිමී වෙයි..

හම්බන්තොට මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සන්ධානගතවී පිහිටුවන බව හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මාධ්‍ය වෙත සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් සමග දැනටමත් සාකච්ඡා කර තීරණය කර ඇති බවද හෙතෙම පැවසීය..
පැවති පළාත් පාලන මැතිවරණයේදි මන්ත්‍රී ආසන 09 ක් හිමිකරගනිමින් මෙම මහ නගර සභාවේ වැඩි බලයක් එක්සත් ජාතික පක්ෂයට හිමි කර ගත් අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 07 ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ධුර 04 ක් ඊයේ නිකුත් කෙරුණු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ලැබී තිබේ.
එ අනුව මෙම පක්ෂ දෙක එක්වුවහොත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 11 ක් වන බැවන් හම්බන්තොට මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී යනු ඇති බවද පැවසේ.
DE සිල්වා