FAST NEWS

24×7 Around the Globe

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අති විශිෂ්ට ජයක්..

2018 පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය හිමි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයක් ලබාගත්තේය.

ඊයේ (11) රාත්‍රී 10.30 වන විට ප‍්‍රකාශයට පත්කරන ලද ප‍්‍රතිඵල අනුව ඡන්ද විමසිම සිදුකල පළාත් පාලන ආයතන 340 න් ආයතන 239 ක බහුතරය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව සිටියේය.

ඒ අනුව ඔවුන් සමස්ත දිස්ත්‍රික්ක 24න් දිස්ත්‍රික්ක 19ක බහුතර බලය තහවුරු කරගෙන තිබේ.

පළාත් පාලන ආයතන 42 ක බලය එක්සත් ජාතික පක්ෂය විසින් අත්පත් කරගන්නා ලද අතර ද්‍රවිඩ ජාතික සන්ධානයට පළාත් පාලන ආයතන 38 ක බහුතරය හිමිවී තිබිණ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආයතන 10 ක් හිමිවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 4 ක් හිමිවී තිබිණ.

DE සිල්වා