හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්ය සම්බන්ධිකාරක රොහාන් වැලිවිට මහතාගේ නිවසට පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද (11) පෙරවරුවේ ගොස් ඇතැයි වාර්තා වෙයි.
සී.එස්.එන්. නාළිකාවේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 13 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි එම නිලධාරීන් රොහාන් වැලිවිට මහතාට දන්වා තිබේ.








