FAST NEWS

24×7 Around the Globe

උස අනුව විලාසිත කරන්නේ මෙන්න මෙහෙමයි.

මිටි අයට

ඔබ තරමක් මිටි කෙනෙක් නම් ඔයා ගන්න TOPS ටිකක් දිග වුණොත් වඩා උචිතයි. සාය විලාසිතා තරමක් කෙටි වීමත් මෙවන් සිරුරකට ගැළපෙයි. මිටි ශරීරය හිමි ඔබ කලිසම් විලාසිතා භාවිත කරනවා නම් එවිට උස පෙනුමක් ලැබේ.

කෙටි ගවුම්

ගවුම් විලාසිතා ගැන අවධානය යොමු කිරීමේදී කෙටි ගවුම් විලාසිතා ඔබේ සිරුරට වඩාත් ගැළපේ. දණ හිස මට්ටමෙන් තරමක් ඉහළට වනසේ හැඩවුණු ගවුම් විලාසිතා මීට අයත්ය. ඔබ තරමක් මිටි නම් ඔබේ බෙල්ලද තරමක් කෙටි ස්වරූපයක් ගනී. මෙවන් විටක ඔබ කොලරය සහිත blouse, තෝරා ගැනීම වඩාත් සුදුසුයි. එමඟින් ඔබේ ගෙල පෙදෙස තරමක් උස් කර පෙන්වයි. ඔබේ ගෙල වඩාත්ම කෙටි නම් කොලරය නොමැති රවුම් හැඩැති T Shirts, TOPS වඩා උචිතය. අත් රහිත කමිසද මීට අයත්ය. එවිට අත්වල දිග ස්වරූපය නිසා උස පෙනුමක් සිරුරට හිමිවේ.

සිරස් ඉරි සහිත විලාසිතා

ඔබ කුමන විලාසිතා තෝරා ගත්තත් සිරස් අතට ඉරි සහිත (fabric) විලාසිතාවන්ට ප්‍රමුඛත්වය දීම වැදගත් වන්නක්. ඒ වගේම සිරස් අතට ඇඳුම්වල පතොරම නිර්මාණය කර ගැනීමත් මෙහිදී සිදුවිය යුත්තකි. සිරස් අතට හැඩැති බොත්තම් වැනි DETAILS ඇඳුමට එක් කර ගැනීම මත ඔබේ විලාසිතා මනා පෙනුමකින් දිස්වේ.

දිග කුර්තා

ඉණෙන් පහළට වූ තරමක් දිග කුර්තා TOPS වගේම JEANS ඇඳීම තුළින්ද සිරුරට උස ස්වභාවයක් ගෙන දෙයි. HIGH WAISTකලිසම් විලාසිතා ඔබට හොඳින් ගැළපේ.

සාය විලාසිතා

සාය විලාසිතා ලෙස යොදා ගන්නා විට HIGH WAISTහෙවත් ඉඟට මඳක් ඉහළින් බඳ පටිය පිහිටීමත් වඩා සුදුසුය. එමඟින් ඔබේ සිරුරේ උස නිරූපණය වේ. කාර්යාලයීය විලාසිතා අතර HIGH WAIST සායට Top එක යටකර බඳ පටියකින් සැරැසීම ද තරමක් ප්‍රචලිතයි. තරමක් මිටි සිරුරක් හිමි ඔබට මෙය කදිමට ගැළපේ. මෙයින් ඔබේ ඉණ පෙදෙස ආවරණය වන නිසා ඔබ එක්වරම මිටි අයකු බව යමෙකුට තීරණය කිරීම අපහසු වේ. මේ අතර ඔබ පලඳින මාල ගෙලටම සවි නොවෙන දිගු ස්වභාවයක් ගන්නේ නම් සුදුසුය.

පාවහන්

ඔබේ ඇඳුමට වැඩි ඔපයක් පාවහන් විලාසිතාවෙන් ගෙන දෙයි. මිටි සිරුරක් හිමි ඔබ හැකි සෑම විටම අඩි උස පාවහන් පැලඳීමට වග බලා ගන්න. Flat පාවහන් පැලඳීම හැකි තරම් අඩු කරන්න.

ආභරණ

ආභරණ පැලඳීම මඟින්ද ඔබේ සිරුරට මනා පෙනුමක් එක් කරයි. කරාබු පැලඳීමේදී ඉතා කුඩා ප්‍රමාණයෙන් ගැළපීම සුදුසුය. උස අතට දික්වූ (tussel) හැඩැති කරාබු විලාසිතාද මීට අයත්ය. එහෙත් රවුම් හැඩැති විලාසිතා භාවිත කිරීමෙන් අෑත් වන්න. ඔබ පලඳින බඳ පටිය තරමක් කැපී පෙනෙන වර්ණයකින් යුතු වීමත් උචිත වන්නක්.

සාරි විලාසිතා

කාන්තාවන් අතර වයස් භේදයකින් තොරව මෙම සාරි විලාසිතා ප්‍රචලිතය. මිටි සිරුරක් හිමි ඔබටත් සාරි විලාසිතා කදිමට ගැළපේ. අත් රහිතව සාරි හැට්ට නිර්මාණය කිරීම මෙවන් අයට සුදුසුය. මිටි වගේම සිහින් සිරුරක් ඔබ සතු නම් පොඩි ප්‍රමාණයේ හෝ අත් යෙදීම වරදක් නැත. සාරියෙ පොට සඳහා කුඩා ප්‍රමාණ රැලි තැබීමටත් ඔබ සැලකිලිමත් විය යුතුය. සාරියට විවිධ ආභරණ ආයිත්තම් එක්වීමත් මනා ඔපයක් ගෙන දෙන්නක්.

මීට අමතරව සුළු විලාසිතා භාවිතයෙන්ද ඔබේ උස වැඩිකර පෙන්වයි. Skin මෙන්ම Short කලිසම් ඇඳීමත් මඟින් කකුල් නිරාවරණ වීම මත සිරුරට උස ස්වභාවයක් ගෙන දෙයි. කොණ්ඩ විලාසිතා යොදා ගැනීමද ඔබේ අවධානය යොමුවිය යුත්තකි. එමඟින් ඔබේ පෙනුමට වැඩි යමක් එක් කරයි. සාමාන්‍ය ගමනකට Pono Tail විලාසිතාව වැනි කෙස් කඩා හැලෙන පරිදි සැකසීම උචිතයි. උත්සව අවස්ථාවන්වලදී කොණ්ඩය තරමක් උස්වන අයුරින් යොදා ගැනීමත් සුදුසුය.

අපි මෙතෙක් වෙලාවක් කතා කළේ මිටි සිරුරකට ගැළපෙන විලාසිතා ගැන. දැන් අපි උස සිරුරකට විලාසිතා ගළපන ආකාරය පිළිබඳ අවධානය යොමු කරමු.

උස අඩු කර පෙන්වන විලාසිතා

මෙවන් අය තමාගේ සිරුරේ උස අඩුකර පෙන්වන විලාසිතාවන්ට යොමු විය යුතුය. එනිසා හැම විටම තනි වර්ණ එක්වූ ඇඳුම් තෝරා ගැනීම උචිතයි. අත් සහිත TOPS වගේම Puff වූ අත් සහිත TOPS වැඩි අවධානයක් දිනා ගනියි. කුර්තා TOPS වැනි දිග ස්වභාවයෙන් යුතු ඇඳුම් ඇඳීමෙන් අෑත් වෙන්න. T Shirt, Blouse සාමාන්‍ය ප්‍රමාණයෙන් තෝරා ගන්න. ගොඩක් වෙලාවට මේ අය තනි ඇඳුම් තෝරා ගන්නා අවස්ථා වැඩියි. THREE QUARTER විලාසිතා උස සිරුරක් හිමි ඔබට කදිමට ගැළපේ. එහිදී එකවර ඔබේ උස ස්වභාවය පෙන්වීම වළක්වයි.

ගවුම්

දිග හැඩයෙන් වූ ගවුම් විලාසිතා උස සිරුරට මනා ලෙස ගැළපේ. උත්සව අවස්ථාවල දිග ෆ්ලෙයාර්ඩ් ගවුම් විලාසිතා වැඩි වශයෙන් ප්‍රචලිතයි. තරමක් කොට එවන් විලාසිතා ඔබේ සිරුර තවත් උස් කර පෙන්වන හෙයින් එය උචිත නොවේ. සාය විලාසිතා දණහිස වැසෙන උසට පමණක් තෝරා ගැනීම වරදක් නැත. සාය විලාසිතා දිගු වීම මෙන්ම Puff ස්වරූපයක් ගැනීමෙන් ඔබේ සිරුරේ උස මඳක් අඩු කර පෙන්වයි. හරහට ඉරි සහිත Fabric විලාසිතාද මෙයට වඩා උචිතයි.

ආභරණ

තරමක් ප්‍රමාණයෙන් විශාල හතරැස් හා රවුම් හැඩැති කරාබු ඉහත කී විලාසිතාවන්ට ගැළපෙන්නකි. අතට වළලු පලඳින විට තරමක් ප්‍රමාණයෙන් පළල් වූ විලාසිතා තෝරා ගැනීම සුදුසු වේ.

සාමාන්‍ය ගමනකට සූදානම් වන විට කැන්වස් වැනි Flat පාවහන් භාවිත කළ යුතුය. Denim කලිසම් වුවත් Slim cut නැතිව යට කොටස තරමක් ෆ්ලෙයාර්ඩ් ලෙස යොදා ගත යුතුය.

සාරි

සිහින් උස සිරුරක් හිමි ඔබට සාරි විලාසිතා වඩා උචිතයි. ඔසරි විලාසිතාව තවත් එවන් විලාසිතාවකි. සාරි හැට්ටයේ අත දිගු මෙන්ම තරමක් විශාල වනසේ මැසිය යුතුය. සාරි හැට්ටයේ කර එතරම් විවෘත නොවන සේ අත Puff වන ආකාරයට නිර්මාණය කරගත යුතුය. සාරි මෝස්තරවලට රවුම් හැඩැති මල්වලින් වර්ණවත් වීම වැඩි අලංකාරයක් ගෙන දෙයි. ඉරි සහිත Fabric සාරි විලාසිතා ඔබට එතරම් උචිත නොවේ.

කොණ්ඩ මෝස්තර තෝරා ගැනීමේදී තරමක් Curly පෙනුමෙන් යුත් විලාසිතා ඔබට මනා ලෙස ගැළපේ. STRAIGH කොණ්ඩ විලාසිතා ඔබට උචිත නොවේ.

තවත් විශේෂ කාරණයක් නම් ඔබ තෝරා ගන්නා විලාසිතාවල Fabric Design හරහට ඉරි සහිත විය යුතුය.

මේ විදියට තමන්ගේ සිරුර ගැන තැවෙමින් විලාසිතාවන්ගෙන් අෑත් වීමට නොව තම සිරුරට උචිත විලාසිතාවන්ගෙන් සැරැසී මනා පෞරුෂයකින් අන් අය අතරින් කැපී පෙනීමට උත්සාහ ගන්න.