FAST NEWS

24×7 Around the Globe

70 වැනි නිදහස වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07 ක මීල ගණන් අඩු කළා – ඇමති රිෂාඩ්

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 70 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07 ක මිලගණන් වහාම අඩුකිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එ අනුව මිල ගණන් අඩු කළ භාණ්ඩ සතොස ශාඛා ජාලාවලින් ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ලැයිස්තුව

බාස්මතී සහල් කිලෝව – රු 120
සුදුකැකුළු සහල් කිලෝවක් – රු 60
කැඩුනු සහල් කිලෝවක් – රු 59
පරිප්පු කිලෝවක් – රු 159
මුං ඇට කිලෝවක් – රු 195
ලොකු ලූණු කිලොවක් – රුපියල් 110
මිරිස් කරල් කිලෝව – රුපියල් 220

මෙම මිලගණන් අඩුකිරීම එළඹෙන පෙබරවාරි මස 07 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර ලංකා සතොස මෙගා අලෙවිසල් ඇතුළු ලංකා සතොස අලෙවිසල් හාරසීය මගින් ලබා ගත හැකි බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

DE සිල්වා