ජාතික කොඩිය විකෘති කර ප‍්‍රදර්ශනය කිරීමේ චෝදනා එල්ල වී සිටින යටිනුවර ප‍්‍රාදේශිය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඉරිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගීවූ යටිනුවර පැවැති සන්ධාන රැලියේ සැරසිලි කටයුතු සූදානම් කර තිබූ අවස්ථාවේ විකෘති කළ ජාතික කොඩි ඔසවා තිබූ අතර පසුව ඒවා පසුව ඉවත් කර තිබුණි.
අදාල රැස්වීමේ සැරසිලි කටයුතු භාරව සිටියේ සැකකාර සභාපතිවරයා බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.







