FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිට එරෙහිව නීතිමය පියවර ගත්තද ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නේ නෑ..

පසුගිය ජනපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනියේ නොමිලයේ දැන්වීම් පළකරවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට බරපතල වංචා දුෂණ කොමිසමේ වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් සිදුවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (01) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

එසේම මහින්ද රාජපක්‍ෂ මහතාගේ හෝ වෙනත් දේශපාලනඥයකුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉඩ තබන්නේ නැතැයිද ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම ජේ.ආර් ජයවර්ධන මහතාගේ ප‍්‍රතිපත්තිය මිස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය නොවන බව කී ඩිලාන් පෙරේරා මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම හේතුවෙන් බැට කෑ පක්‍ෂයක් වන ශ්‍රීලනිපයට එවැනි ක‍්‍රියාවලට දායක විය නොහැකි බව ද සඳහන් කළේය.

එබැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ නායකයාව සිටින තුරු ශ්‍රීලනිපය එවැනි ක‍්‍රියාවලට දායක නොවන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.