FAST NEWS

24×7 Around the Globe

වාස් ගුණවර්ධනට එරෙහි රමනායක නඩුව මාර්තු 15 වැනිදා සිට විභාග කෙරේ..

මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු වු නිපුණ රාමනායක නැමැත්තාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ බිරිඳ පුතා සහ පොලිස් නිලධාරින් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 15 වැනි දා සිට විභාග කිරිමට කොළඹ මහාධිකරණය අද (01) තීරණය කළේය.

මෙම නඩුව අද කැඳවනු ලැබු අවස්ථාවේ දී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා නඩු විභාගය සඳහා මෙලෙස දින නියම කෙරුණී.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත්‍රයා මෙ වන විට ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන නඩුවට ආදළව චුදිතයන්ව සිරි දඩුවම් විදිති.

DE සිල්වා