FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල් වෙනුවෙන් වු තහනම් නියෝගය දිර්ඝ කෙරේ..

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මාර්තු මස 16 වන දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (01) නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම අරමුදලින් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවට මෙම නඩුව ගොනු කර තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ විරෝධතා දැනටමත් ගොනු කර ඇති බව ප්‍රකාශ කළේය,ඒ අනුව ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා අද (01) දින සිට සති දෙකක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා මෙන් අධිකරණය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළෙය්.

අනතුරුව පෙත්සම මාර්තු මස 15 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය තහනම් නියෝගය මාර්තු මස 16 වනදා දක්වා දීර්ඝ කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා සිය පෙත්සම මගින් අවධාරණය කර ඇත්තේ සිල්රෙදි නඩුවේ තීන්දුව ලබාදෙමින් නිසුරු ගිහාන් කුලතුංග පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනයට බඳුන් කර ඇති බවය.

එ අනුව තමා ද පසුගිය රජයේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දැරූ බැවින් එම විනිසුරුවරයා ඉදිරියේ නඩුව විභාග කිරීම තුළින් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.

එම නිසා අදාළ නඩුව වෙනස් විනිසුරු වරයෙකු වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අදාළ පෙත්සම මගින් ඉල්ලා තිබේ.

DE සිල්වා