FAST NEWS

24×7 Around the Globe

බැදුම්කරය දින දෙකක් විවාද කිරීම සාර්ථක නොමැති බව ජනපති කියයි..

බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාදය ඡන්දයට පෙර පැවැත්වීමට සිදුවන්නේ තමා ඒ පිළිබඳව කළ අභියෝගය නිසා වුවත් මෙවැනි මහා පරිමාණ වංචාවක් පිළිබඳව දින දෙකක් විවාද කිරීම සාර්ථක නොමැති බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුවත්පත් ආයතන කිහිපයක නියෝජිතයන් සමග ජනාධිපති නිල නිවසේදී ඊයේ (31) දහවල් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙ බව ප්‍රකාශ කළේය.

බැඳුම්කර විවාදය පැවැත්වීමට තිබුණේ ඡන්දයට ඔන්න මෙන්න කියා නොව ඊට දින ගණනාවකට පෙර බවද ජනාධිපතිවරයා පැවැසීය.

බැඳුම්කර විවාදය සරලව කළ නොහැකියි. මැතිවරණයට ඔන්න මෙන්න කියා මේ පිළිබඳව සාර්ථක විවාදයක් පැවැත්වීමට හැකිවේ යැයි සිතන්න බැහැ. මේ පිළිබඳව විවාද කිරීමට මන්ත්රීවරුන්ට කොපමණ කාලයක් ලැබෙයිද දන්නැහැ. මේ නිසා මෙම විවාදයෙන් බැඳුම්කර හොරුන් පිළිබඳව ජනතාවට සියලු කාරණා දැනගැනීමට හැකි නොවනු ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

DE සිල්වා