FAST NEWS

24×7 Around the Globe

රජයේ ආයුර්වේද වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති..

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා පෙබරවාරි 05 වැනිදායින් පසු ඕනෑම මොහොතක ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනයක් ආරම්භ විය හැකි බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඇතිවී තිබෙන වැටුප් විෂමතාව නිසා සමස්ත ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ටම දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

මූලික වැටුපට අනුව දීමනා ලබාදීම නවතා දමා තිබෙන බවත්, බදුසහන යටතේ ලබාදුන් වාහන බලපත්‍රය කප්පාදු කිරීම, පොදුවේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහිමි කිරීම යන කාරණා මූලික කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවත් එම සංගමය පෙන්වා දෙයි.

ඇතිවී තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවද එම සංගමය පෙන්වා දෙයි.

DE සිල්වා