FAST NEWS

24×7 Around the Globe

විශේෂ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය..

අල්ලස් දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාග කඩිනම් කිරීම සඳහා විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් යුත් විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝදනය කිරීමට අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙම විශේෂ මහාධිකරණය දැනට ක්‍රියාත්මක මහාධිකරණයේම කොටසක් ලෙස පවත්වාගෙන යෑමටද තීරණය වී ඇත