FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර විවාදය 06 වැනිදා පැවැත්වීමට අගමැති එකඟ වෙයි..

බැඳුම්කර හා බරපතල වංචා පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය පෙබරවාරි 06 දා පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී තිබේ.

කතානායක කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් කළ කරුණු විමසීමක් අනුව පාර්ලිමේන්තුව එදින 10.30ට කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

විවාදය පැවැත්වෙන දින තීරණය කිරීමට අද (30) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීම තීරණයක් නොගෙනම අවසන් වු බව එක් ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කෙසේ වෙතත් එම සාකච්ඡාවෙන් අනුතරුව කථානායක කරු ජයසුරිය මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ සාකච්ඡා කර එම උපදෙස් මත අවසන් තීරණයකට එළඹෙන බවය.

DE සිල්වා