FAST NEWS

24×7 Around the Globe

ජාතික අණූඩුව ගැන ශ්‍රීලනිප තීන්දුව මැතිවරණයෙන් පසුවයි..

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නේද නැද්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීන්දුව ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ගන්නා බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු වශයෙන් පැවසීය.

මැතිවරණ කාලසීමාවක් තුළ එවන් තීන්දු ගත නොහැකි බව කී අමාත්‍යවරයා එබැවින් එය මැතිවරණය අවසන් වන තුරු ප‍්‍රමාද කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයිද සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ලියවිල්ලක් අත්සන් කර ඇති නමුත් එය ලියාපදිංචි ගිවිසුමක් නොවන බව කී අමාත්‍යවරයා එබැවින් එහි නීත්‍යානුකූල පදනමක් නොමැති බවද කීවේය.

එම ගිවිසුමේ ද කාලසීමාව මේ වන විට අවසන්ව ඇති බවත් ඒ පිළිබඳ පසුවිපරමක් කර එයින් බලාපොරොත්තු වූ ඉලක්ක ඉටුවී තිබේද නැතිනම් ඉදිරියේදී එම ඉලක්කයන් ළඟා කර ගත හැකිවේද යන්න ගැන පසුවිපරමක් කළ යුතු බවද හෙතෙම පැවසීය.

DE සිල්වා