FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට නිවාඩු නොදෙයිනම් නීතියෙන් දඬුවම්..

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දදායකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතනවලට නීතියෙන් දඬුවම් ලබාදිය හැකි බවත් ,මේ හේතුවෙන් පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන ‘ඡන්ද විමසීම සඳහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්දදායකයන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එ අනුව අදාළ සේවකයන් සේවය කරන ආයතනයේ සිට ඡන්දපොළ දක්වා ඇති දුර සැලකිල්ලට ගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ප්‍රමාණවත් ආකාරයට නිවාඩු ලබාදිය යුතු බවද එම කොමිෂන් සභාව පවසයි.

සේවකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට හා ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත්, එහිදී නඩු විභාගයකින් පසු වරදකරු වුවහොත් රුපියල් පන්සියයක් නොඉක්මවන දඩයකට, මාසයක් නොඉක්මවන සිර දඬුවමකට හෝ අදාළ දඬුවම් දෙකටම යටත් කළ හැකි බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

DE සිල්වා