FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති අතිරේක ලේකම් හා ප්‍රධාන ගණකාධිකාරී යළි රක්ෂිත බන්ධනාගාරයට..

පසුගිය 24 වැනිදා අත්අඩංගුවට ගෙන අද (29) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ,ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් ඩ්.එස්.ගුණරත්න සහ හිටපු ප්‍රධාන ගණකාධිකාරී එල්.ඩ්.ගුණරත්න පෙබරවාරි මස 01 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන 08 ක් මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන රුපියල් මිලියන ගණනක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මොවුන්ව අත්අඩංගුවට ගැණුනි.

DE සිල්වා