FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයා හෙට පක්ෂ නායක රැස්වීමක් කැඳවයි..

පළාත් පාලන මැතිවරණයට පෙරා පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට (30) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.

මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශ්වයන් කිහිපයක්  විසින් පළකර  ඇති  අදහස්  හේතුවෙන් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවීමට නියමිත බව කථානායක කාර්යාලය ආරංචි මාර්ග කියයි.

මේ සඳහා  විශේෂයෙන්  මැතිවරණ  කොමිෂන්  සභාවේ  සභාපතිවරයාටද ඇරයුම් කර  ඇතැයිද පැවසේ.

බැඳුම්කර වාර්තාව හා බරපතළ වංචා පිළිබඳ ජනපති කොමිෂන් සභාවේ වාර්තාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව මැතිවරණයට පෙරතුව කැඳවන ලෙසට මීන් පෙර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් දක්වා සිටියහ.

DE සිල්වා