FAST NEWS

24×7 Around the Globe

හෙට පෙරවරු 08 සිට වෛද්‍යවරු වර්ජනයකට යති..

සයිටම් අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් 10 ක්‌ මුල්කර ගනිමින් හෙට (30) උදැසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මෙමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ වගකීම රජය භාරගත යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සංශෝධනය නොකිරීම, රජයේ සේවයේ තෝරාගත් කාණ්‌ඩ සඳහා මූලික වැටුප් වැඩිවීම් ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු ඉල්ලීම්ද මෙම වර්ජනයට මූලික කරගන්නා බවද එම සංගම වැඩි දුරටත පෙන්වා දෙයි..

DE සිල්වා