FAST NEWS

24×7 Around the Globe

ජනපති විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත් ,එ අනුව අද (29) උදෑසන 9.00ට ජනාධිපති කාර්යාලයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මාධය වෙත සඳහන් කළේය.

බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභා වාර්තාව සහ බැඳුම්කර කොමිෂන් සභ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවිධ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති බවද එ මහතා සඳහන් කළේය.

මෙම රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ලේකම්වරුන්ට ලිපි යොමුකර ඇති බවද පැවසේ.

DE සිල්වා