FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් සභා එජාප මන්ත්‍රී ගනේෂමුර්ති අත්අඩංගුවට ගැනේ..

මුල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ. ගනේෂ්මූර්ති මහතාව පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එසේම ඌව පළාත් සභා පරිශ්‍රය තුළ සහ ඒ ඉදිරිපිට ඊයේ (25) දිනයේදි එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ඒ.ගනේෂමූර්තිට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසීය කියයි.

එ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බවත්, අද (26) දිනය තුළ ඔවුන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිසීය පැවසීය.

DE සිල්වා