FAST NEWS

24×7 Around the Globe

හිරුණිකාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි..

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමට ආධාර අනුබල ලබාදුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි මස 07 වන දින පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද (26) දින නියම කළේය.

තරුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙනයාමට ආධාර අනුබල ලබාදීම ඇතුළු අධිචෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොනු කර තිබේ.

එ අනුව පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සෙසු සැකකරුවන් 08 දෙනා පසුගිය නොවැම්බර් මස 24 වනදා අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබු අතර ඔවුන්ට එදින අත්හිටවූ සිරදඬුවමක්, වන්දි සහ දඩ මුදල් නියම කෙරුණී.