රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්ව සිටින ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය අද (26) යළි පෙබරවාරි 09 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.
2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඇති චෝදනාව වේ.
මීට අමතරව ඇය, තමාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉකුත් 23 වැනිදා ඉදිරිපත් කළ ප්රතිශෝධන ඇයැදුම් පත්‍රය සළකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මෙහි වගඋත්තරකරුවන්ට ලබන මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද අද (26) නොතිසි නිකුත් කළාය.
DE සිල්වා








