මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වූවේදැයි සොයා බැලීමට එම පක්ෂය විසින් පත් කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයා විසින් මෙම කමිටුව පත් කළේය.
අගමැති විසින් පත්කළ වහාම කමිටුව සිය රාජකාරි ආරම්භ කළ අතර සති දෙකක් ඇතුළත වාර්තාව සැකසීමට ද පියවර ගෙන තිබේ ඇති අතර ,ඒ අනුව එම වාර්තාව ඇමැති තිලක් මාරපන මහතා විසින් ලබන සතියේ රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතය
DE සිල්වා








