FAST NEWS

24×7 Around the Globe

කොළඹ මාර්ගයක් අද (26) සිට 29 තෙක් වැසේ..

කේ.සිරිල්.සී. පෙරේරා මාවත 06 පටුමග හන්දියේ සිට සුගතදාස ක්‍රීඩාංගණයේ මැටිපාර්ක් හන්දිය දක්වා මාර්ගය අද (26) රාත්‍රී 09.00 සිට ලබන 29 වැනිදා උදෑසන 05.00 දක්වා කාලය තුළ තාවකාලිකව වසා තැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි

එම මාර්ගයේ ජලනළ එළීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් මෙසේ එම මාර්ගය වසා තැබේ.

එ අනුව මෙම මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

DE සිල්වා