FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩවර්ජනයකට යයි..

සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට විසඳුම් ලබා නොදීම වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටළුවලට විසඳුම් නොලැබීම යන කරුණු දෙක මුල් කරගනිමින් මේ මස 30 වැනි දා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සිය ගැටළු වලට විසඳුම් ඉල්ලා අවස්ථා ගණනාවක දීම විවිධ ක්‍රියාමාර්ග ගත්තද සෞඛ්‍ය බලධාරීන් තවමත් ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති වීම මෙම තීරණයට එළඹිමට හේතුව බව එම සංගමය පෙන්වා දෙයි.

DE සිල්වා