FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්දය සළකුණූ කිරිමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අදයි..

පළාත් පාලන තැපැල් ඡන්දයේ දෙවැනි අදියර යටතේ අද (26) දෙවැනි දිනයටත් තැපැල් ඡන්ද හිමීයන්ට සිය ඡන්දය සළකුණූ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊයේ (25) තැපැල් ඡන්ද සළකුණූ කිරිමේ දෙවැනි අදියරේ පළමු දිනය ක්‍රියාත්මක වු අතර ,පසුගිය සඳුඳා (22) තැපැල් ඡන්ද සලකුණු කිරීම පළමු අදියර ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත්, අද දිනයේත් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය නිලධාරීන්ට ලබන මස 01 වැනිදා සහ 02 වැනිදා තමන් සේවය කරන ආයතනය අයත් වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කිරිමට අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.

DE සිල්වා