බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ 06 වැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කණ්ඩායම ලකුණූ 82 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුහ.
එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා සිය පන්දුවාර 50 තුළ ලකුණූ 83 ක් ලබා ගත යුතු වෙයි.
කැපි පෙනෙන පන්දු යැවීමක නිරත වු සුරංග ලක්මාල් පන්දුවාර 07 ක් යවා ලකුණු 21 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශය සමග මෙම තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ දීමට නම් අද (25) පැවැත්වෙන තරගය අතවශ්‍ය වෙයි.
අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවහොත් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ දළ ලකුණු වේගය සන්සන්දයකට ලක්ව අවසන් තරගයට පිවිසිමේ අවස්ථාවට මුහුණ දීමට සිදුවනු ඇත.
සිම්බාබ්බේ හා ශ්‍රී ලංකා කණ්ඩායම් මෙ වන විට තරග 01 බැගින් ජයගෙන සිටිම මීට හේතුව වෙයි.
ලකුණු පුවරුව..
DE සිල්වා









